ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් යුත් නව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රීඩා ආමත්‍යංශය ඊයේ නිවේදනය කළා.
ඒ උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ නිල කාලය මේ වසරෙන් අවසන් වීම හේතුවෙන්.
නව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ ඉන්දික ද සේරම්, තරංග පරණවිතාන, විනෝදන් ජෝන් සහ රසාංජලී ද අල්විස්.
මේ අතර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට නව පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පන්දු රැකීමේ පුහුණුකරු වන ආර්.ශ්‍රීධර්ව පත්කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ආර්.ශ්‍රීධර් එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන බවයි.
