ශ්‍රී ලංකාවට තවත් සුපිරි පාපන්දු ජයක්

භූතාන පාපන්දු කණ්ඩායමට එරෙහිව සුපිරි පාපන්දු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අද සමත්වූණා.

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම මෙම තරගය ජය ගත්තේ ගෝල 4ට 1ක් ලෙසයි.

ශ්‍රී ලංකාව සහ භූතානය අතර මෙම සුහද පාපන්දු තරගය පැවැත්වුණේ තායිලන්තයේදීයි.

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 191 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව මෙහිදී තරග වැදුණේ 188 වැනි ස්ථානයේ පසුවන භූතානය සමගයි.

තරගය ආරම්භයේ පළමු අර්ධයේදීම සිය අණසක පැතිරවීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සමත්වුණා.

තරගයේ පළමු ගෝලය 16 වැනි මිනිත්තුවේදී ශ්‍රී ලංකාව වාර්තා කළේ භූතානයට පීඩනයක් ගෙන දෙමින්.

ඒ අනුව පළමු අර්ධය නිමා වුණේ ගෝල 1ට බින්දුවක් ලෙස ශ්‍රී ලංකාවට පෙරමුණගෙන දෙමින්

අනතුරුව ආරම්භ වූ දෙවන අර්ධයේද ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සිය ආධිපත්‍ය පැතිරවීමට සමත්වුණා.

දෙවන අර්ධයේ 64 වැනි මිනිත්තුවේදී ශ්‍රී ලංකාව තවත් ගෝලයක් වාර්තා කළේ තරගයේ වැඩි වාසි අත්කර ගනිමින්.

ඉන් නොනැවතුණු ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම 78 වැනි මිනිත්තුවේදී තවත් ගොලයක් වාර්තා කළ භූතානය අසරණ කරමින්.

දෙවන අර්ධයේදී භූතානයට ලබාගත හැකිව තිබූ ගෝල කිහිපයක්ම ශ්‍රී ලංකා නායක සුජාන් පෙරේරාගේ සුපිරි දැල් රැකීම හමුවේ ව්‍යර්ථ වුණා.

මෑත කාලයේ සෑම තරගයකම කැපී පෙනන දක්ෂතා ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම තරගයේ සිව්වැනි ගෝලය 93 වැනි මිනිත්තුවේදී වාර්තා කළේ ගෝල 4ට එකක් මෙම තරගයෙන් සුපිරි ජයක් වාර්තා කරමින්.

මෙහිදී ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 191වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව තමන්ට ස්ථාන 4ක් ඉදිරියෙන් පසු වූ භූතානය පරාජය කිරීම මෙහිදී කැපී පෙනුනා.

ශ්‍රී ලංකාව ලද මෙම පාපන්දු ජයත් සමග ශ්‍රී ලංකා පාපන්දු පිල ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 188 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *