2026 T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා නායකයා දසුන්

2026 පන්දුවාර 20 ලෝක කුසලානය තෙක් ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමේ නායකත්වයට දසුන් ශානක පත්කර තිබෙනවා.

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදි තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් ක්‍රීඩකයන් 25 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් ද නම් කළ බවයි.

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව තේරී පත්වීමෙන් අනතුරුව සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා සහ සෙසු සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද පැවැත්වුණා.

එහිදි ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා සඳහන් කළේ 2026 පන්දුවාර 20 ලෝක කුසලානය තෙක් ශ්‍රී ලංකා 20 -20 කණ්ඩායමේ නායකත්වය දසුන් ශානක පත්කරන බවයි.

ලෝක කුසලානයට ක්‍රීඩකයන් 25කගේ මූලීක සංචිතය

දසුන් ශානක – නායක
පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස්
කමිල් මිෂාර
කුසල් පෙරේරා
ධනංජය ද සිල්වා
ජනිත් ලියනගේ
නිරෝෂන් දික්වැල්ල
චරිත් අසලංක
කමිඳු මෙන්ඩිස්
පවන් රත්නායක
සහන් ආරච්චිගේ
වනිඳු හසරංග
දුනිත් වෙල්ලාලගේ
මිලාන් රත්නායක
නුවන් තුෂාර
එෂාන් මාලිංග
දුෂ්මන්ත චමීර
ප්‍ර මෝද් මධුෂාන්
මතීෂ පතිරණ
ඩිල්ෂාන් මධුෂංක
මහීෂ් තීක්ෂණ
දුෂාන් හේමන්ත
විජයකාන්ත් වියස්කාන්ත්
ට්‍රැවීන් මැතිව්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *