2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තම ස්ථානය තහවුරු කරගැනීමට මෙසී ප්‍රමුඛ ලෝක ශූර ආර්ජන්ටිනා කණ්ඩායම සමත්වුණා.
ආර්ජන්ටිනාව අර්ධ අවසන් පූර්ව වටයේදී ස්ව්ට්සර්ලන්තය සමඟ තරග වැදීමට නියමිතයි.
සුපිරි පාපන්දු ක්‍රීඩක බ්‍රසීලයේ නේමාර් , පෘතුගාලයේ රොනාල්ඩෝ අවසන් පාපන්දු සහභාගීත්වය සනිටුහන් කරමින් පාපන්දු පිටියෙන් පසුගිය දින කිහිපයේදී ඉවත්වෙද්දී ක්‍රීඩාලෝලීන්ගේ මීලඟ අවධානය මෙසී දෙසට යොමුව තිබුණා.
මෙවර ලෝක කුසලානයේදී මෙසීගේ ඉරණම කෙසේ විසඳෙනවාද යන්න ගැටළුවත් සමඟ මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ක්‍රීඩාලෝලීන් බලාසිටි ඊජිප්තුව සහ ආර්ජන්ටිනාව අතර තරගය ඊයේ ආරම්භ වුණේ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.30ට පමණ.
ඇට්ලාන්ට් ක්‍රීඩාංණයට රැස්ව සිටි හැටදහසදකට අධික ක්‍රීඩාලෝලීන් පිරිසකගේ ඔල්වරසන් මධ්‍යෙය් ඇරඹි තරගයේ පළමු ගෝලය තරගය ආරම්භ වී මිනිත්තු 15ක් ඇතුළත ඊජිප්තුවේ යසාර් ඊබ්‍රහීම් වාර්තා කලේ ආර්ජන්ටිනා ක්‍රීඩාලෝලීන් නිහඩ කරමින්.
නැට්
අනතුරුව සිය පාපන්දු දිවියේ 21 වැනි ගෝලය වාර්තා කිරීමේ අවස්ථාව උදා කරමින් මෙසීට දඩුවම් පහර අවස්ථාවක් හිමිවුණත් එම දඩුවම් පහර සාර්ථක කර ගැනීමට මෙසීට හැකිවුණේ නැහැ.
ඒ අනුව තරගයේ පළමු අර්ධය ඊජිප්තුවට ගෝල 1 ට 0ක් ලෙස පෙරමුණ හිමිකරදෙමින් අවසන් වුණා.
තරගයේ දෙවන අර්ධයේ 67 වැනි මිනිත්තුවේදී මොස්ටාෆා සූකෝ ඊජිප්තුව වෙනුවෙන් දෙවන ගෝලය වාර්තා කළේ ආර්ජන්ටිනාව ක්‍රීඩාංගණය තුළ අසරණ කරමින්.
නමුත් ඊජිප්තුව දෙසට දෝලනය වී තිබු තරගයේ ජය නැවතත් ආර්ජන්ටිනාව දෙසට නතු කරගැනීමට 79 වැනි මිනිත්තුවේදී ක්‍රිස්ටින් රොමාරෝ සමත්වුණේ ලියනොල් මෙසීගේ සහාය ඇතුවයි.
ලෙහෙසියෙන් සටන අන් නොහැරි මෙසී 83 වැනි මිනිත්තුවේදී නැවතත් ආර්ජන්ටිනාව වෙනුවෙන් තරගයේ දෙවන ගෝලයත් වාර්තා කළේ ජය දෙපිලටම විවෘත කරමින්.
තරගය අවසන් වීමට පෙර එන්සෝ ෆර්නැන්ඩෝ ආර්ජන්ටිනාව වෙනුවෙන් තවත් ගෝලයක් රැස් කළේ ඊජිප්තුවේ බලාපොරොත්තු බිඳ දමමින්.
ඒ අනුව ගෝල 3 ට 2ක් ලෙස තරගය ජයගත් ආර්ජන්ටිනාව අර්ධ අවසන් පූර්ව වටයේ තම ස්ථානය තහවුරු කරගත්තා..
මෙසී ඊයේ වාර්තා කළ ගෝලයත් සමඟ ලෝක කුසලාන පාපන්දු තරගාවලියක ගෝල 21ක් රැස්කළ ලොව පළමු ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වුණා.
අඛන්ඩව ලෝක කුසලාන 9කදී ගෝල රැස්කළ පළමු ක්‍රීඩකයාගේ වාර්තාව තමන් සතු කරගෙන සිටින මෙසී ලෝක කුසලානයෙකදී විවිධ රටවල් 15කට එරෙහිව ගෝල රැස්කළ එකම ක්‍රීඩකයාද වනවා.
ඒ අනුව එලඹෙන ඉරිදා ආර්ජන්ටිනාව අර්ධ අවසන් පූර්ව වටයේදී ස්ව්ට්සර්ලන්තය සමඟ තරග වැදීමට නියමිතයි.
