චන්දිමාල් දෙවන ටෙස්ට් තරගය අත්හරියි
ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ වනවිට චිතගොංහිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයෙන් ඉවත්වීමට දිනේෂ් චන්දිමාල් තීරණය කර තිබෙනවා.
Covering the latest hits, wickets, and updates from the cricketing world, both local and international.
ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ වනවිට චිතගොංහිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයෙන් ඉවත්වීමට දිනේෂ් චන්දිමාල් තීරණය කර තිබෙනවා.
රත්නපුර, මුද්දව මොණරවිල ඉදිකෙරෙමින් පවතින ජාත්යන්තර මට්ටමේ ක්රිකට් ක්රීඩාංගණය එහි මූලික අදියරේ ඉදිකිරීම් අවසන් කර ඉකුත්දා ජනතා අයිතියට පත්කෙරුණා.
කණ්ඩායම් 8කගේ සහභාගිවයෙන් පැවැත්වෙන මෙවර ආසියානු කුසලාන කාන්තා ක්රිකට් තරගාවලිය ශ්රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන බව ආසියානු ක්රිකට් කවුන්සිලය ඊයේ නිවේදනය කළා.
ශ්රී ලංකා පාසල් ක්රිකට් සංගමය වෙත කොළඹ දිසා අධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කළා.
නායක ධනංජය ද සිල්වාගේ සහ කමිඳු මෙන්ඩිස්ගේ සුපිරි පිතිකරණය සහ ශ්රී ලංකා වේගපන්දු යවන්නන්ගේ දස්කම් හේතුවෙන් බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් ක්රිකට් තරගයෙන් ලකුණු 328ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.
එක්දින පිතිකරණ ශ්රේණිගත කිරීම් සටහනේ දක්ෂතම පිතිකරුවන් දසදෙනා අතරට පැමිණිමට ශ්රී ලංකා සුපිරි ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත්ව තිබෙනවා.
20යි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශූරයින්ට පිරිනැමෙන කුසලානය රටින් රටට ගෙනයාමේ සංචාරය අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී ඊයේ නිල වශයෙන් ආරම්භ කෙරුණා.
ශ්රී ලංකා ක්රීඩකයින් සිව්දෙනකුට මෙවර ඉන්දියන් ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ අනුමැතිය හිමිවීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බව වාර්තා වනවා.
ශ්රී ලංකා තුන් ඉරියව් ක්රීඩක වනිඳු හසරංගට යළිත් ජාත්යන්තර තරග දෙකක තහනමක් පැනවීමට ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය අද පියවර ගත්තා.
බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට එක්වන ශ්රී ලංකා ටෙස්ට් සංචිතය අද නම් කළා.