වනිඳු ඇතුළු 4කට IPL දොර වැසෙයි

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිව්දෙනකුට මෙවර ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුමැතිය හිමිවීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බව වාර්තා වනවා.

ඒ අදාළ ක්‍රීඩකයින් මේ වන විට ආබාධවලට ලක්ව සිටීම හේතුවෙන්.

ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා සිටි දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ, වනිදු හසරංග සහ ඩිල්ෂාන් මදුසංඛ යන ක්‍රීඩකයින් අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ තරගාවලි කිහිපයකදී ආබාධවලට ලක්වුණා.

එම ක්‍රීඩකයින්ගේ ආබාධ තත්වයන් මේ වන විට පූර්ණ වශනේ සුව නොවීම හේතුවෙන් ඔවුන්ට ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා අවසර ලබා නොදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.

ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ අයි.පී.එල් තරගාවලියට සහභාගි වුවහොත් එම ක්‍රීඩකයින්ට ජුනි මාසයේ ආරම්භවීමට නියමිත 20-20 ලෝක කුසලානයට සහභාගිවීමට නොහැකිවනු ඇතැයි යන සැකය මත ක්‍රිකට් ආයතනය මෙම පියවර ගැනීමට නියමිත බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *