T20 ලෝක කුසලානය රටින් රට සංචාරය අරඹයි

මේ වසරේ ජූනි මස 2 වැනිදා අමෙරිකාවේදී සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී ආරම්භ වීමට නියමිත 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයින්ට පිරිනැමෙන කුසලානය රටින් රටට ගෙනයාමේ සංචාරය අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී ඊයේ නිල වශයෙන් ආරම්භ කෙරුණා.

ලෝක ප්‍රසිද්ධ කිං කොං චිත්‍රපටයේ දර්ශන තලයක් ලෙස යොදාගත් නිව්යෝර්ක්හි එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලේදී ලෝක කුසලාන ලෝක සංචාරය නිල වශයෙන් ආරම්භ කෙරුණේ කොදෙව් සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල් සහ අමෙරිකානු ක්‍රීඩක අලි ඛාන්ගේ සහභාගිත්වයෙන්.

එහිදී මෙවර ලෝක කුසලාන ලාංඡනයේ වර්ණ ලෙස යොදාගෙන ඇති නිල් සහ රෝස වර්ණ වලින් එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල ආලෝකවත් කිරීමද කැපී පෙනුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *