ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ වනවිට චිතගොංහිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයෙන් ඉවත්වීමට දිනේෂ් චන්දිමාල් තීරණය කර තිබෙනවා.
ඒ පෞද්ගලික හේතුවක් මතයි
ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කළේ චන්දිමාල් අද දිනයේ නැවතත් ශ්රී ලංකාවට පැමිණීමට නියමිත බවයි.
අභ්යන්තර ආරංචි මාර්ග පවසන්නේ චන්දිමාල්ගේ බිරිඳ දරු ප්රසූතිය අපේක්ෂාවෙන් සිටින බැවින් චන්දිමාල් මෙලෙස නැවත ශ්රී ලංකාවට පැමිණීමට තීරණය කර ඇති බවයි.
