සමුගත් වනිඳු ටෙස්ට් සංචිතයට කැඳවයි

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය අද නම් කළා.

17 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකයා ලෙස ධනංජය ද සිල්වා කටයුතු කරන අතර උපනායකත්වය දරන්නේ කුසල් මෙන්ඩිස්.

ඉකුත් වසරේදී අගෝස්තු මාසයේදී ටෙස්ට් පිටියෙන් සමුගත් වනිඳු හසරංගද මෙම ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙනවා.

තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මාර්තු මස 22 වැනිදා සිලෙට් හිදි ආරම්භ වන අතර දෙවන තරගය මාර්තු මස 30 වැනිදා චොට්ටෝග්‍රෑම්හි ආරම්භ වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *