කණ්ඩායම් 8කගේ සහභාගිවයෙන් පැවැත්වෙන මෙවර ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය ඊයේ නිවේදනය කළා.
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියක් මෙලෙස ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන්නේ වසර 16කට පසුවයි.
මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය පන්දුවාර 20 තරගාවලියක් ලෙස ක්‍රියාත්මක වනවා.
කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන තරගාවලිය ජුලි 19 වැනිදා සිට ජුලි 28 වැනිදා දක්වා පැවැත්වෙන්නේ රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදීයි.
ඒ කාණ්ඩයෙන් ඉන්දියාව, පාකිස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ නේපාලය තරග වදින අතර බී කාණ්ඩයෙන් තරග වදින්නේ බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, මැලේසියාව සහ තායිලන්තයයි.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන පළමු තරගය බංග්ලාදේශයට එරෙහිව ජුලි 20 වැනිදා පැවැත්වීමට නියමිතයි.
