ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට යළිත් ජාත්‍යන්තර තරග දෙකක තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද පියවර ගත්තා.
ඒ බංග්ලාදේශය කණ්ඩායම සමග පැවති තුන්වන එක්දින තරගයේදී ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විනය නීති උල්ලංඝණය කිරීම හේතුවෙන්.
බංග්ලාදේශය සමග ඊයේ පැවති තරගයේදී වනිඳු හසරංග විනිසුරු තීරණයකට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම හේතුවෙන් වනිඳු හසරංගට ජාත්‍යන්තර තරග දෙකක තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.
බංග්ලාදේශ ඉනිමේ 37 වැනි පන්දුවාරයේදී වනිඳු හසරංග විසින් විනිසුරුවරයෙකුගෙන් ඔහුගේ හිස්වැසුම උදුරා ගැනීමක් සිදු කළ බවත්, ඉන් විනිසුරුවරයා සමච්චලයට ලක් කිරීමක් සිදුව ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිනය පෙන්වා දෙන්නේ.
මෙම වරද හේතුවෙන් වනිඳුගේ විනය වාර්තාවට දඩුවම් ලකුණු 3ක් පනවා ඇති අතර තරග ගාස්තුවෙන් සියයට 50ක දඩ මුදලක්ද නියම කර තිබෙනවා.
ඒ අනුව මාස 24ක් තුළ ඔහුගේ දඩුවම් ලකුණු ප්‍රමාණය ලකුණු 8 දක්වා ඉහළ යාම හේතුවෙන් ඔහුට එරෙහිව ටෙස්ට් තරග දෙකක් හෝ එක්දින තරග 4ක් හෝ 20-20 තරග 4ක තහනමක් පැනවෙනු ඇති.
ඉකුත් වසරේ අගෝස්තු මාසයේදී ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමගත් වනිඳු හසරංග බංග්ලාදේශය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය සඳහා ඊයේ නම් කර තිබුණා.
ඒ අනුව බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය වනිඳු හසරංගට අහිමි වනවා.
යම් හෙයකින් වනිඳු හසරංග ටෙස්ට් සංචිතයට නම් කර නොතිබුණේ නම් එළැඹෙන ලෝක කුසලාන තරගාවලියේදි වනිඳුට පළමු තරග 4 අහිමිවීමට ඉඩ තිබුණා.
මින්පෙර ඇෆ්ගනිස්තාන සමග පැවැති තරගාවලියේදී විනිසුරු තීරණයක් විවේචනය කිරීම හේතුවෙන් වනිඳු හසරංගට තරග දෙකක තහනමක් පැනවීම හේතුවෙන් බංග්ලාදේශය සමග පැවති පළමු 20-20 තරග දෙකද ඔහුට අහිමි වුණා.
මේ අතර ඊයේ තරගයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විනය නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා එක්දින නායක කුසල් මෙන්ඩිස්ටද තරග ගාස්තුවෙන් සියයට 50ක දඩ මුදලක් නියම කර තිබෙනවා.
