පැතුම් දක්ෂතම එක්දින පිතිකරුවන් දසදෙනා අතරට

එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් සටහනේ දක්ෂතම පිතිකරුවන් දසදෙනා අතරට පැමිණිමට ශ්‍රී ලංකා සුපිරි ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත්ව තිබෙනවා.

නවතම අයි සී සී ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් සටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ නිවේදනය කළා.
නවතම අයි සී සී ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් සටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ නිවේදනය කළ අතර ඒ අනුව එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමු දස දෙනා අතරට පැමිණීමට ශ්‍රී ලංකා සුපිරි ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත්ව තිබෙනවා.

ඔහු මේ වන විට ස්ථාන 3ක් ඉදිරියට පැමිණෙමින් එම සටහනේ පසුවන්නේ 8 වැනි ස්ථානයේයි.

පැතුම් නිස්සංක බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියේදි ශතකයක් සමගින් ලකුණු 151ක් රැස් කිරීම සමත්වුණා.

එමෙන්ම බංග්ලාදේශ සමග පැවති එක්දින තරගාවලියේදී පිත්තෙන් දස්කම් දැක් වූ උප නායක චරිත් අසලංකද එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබෙනවා.

එම තරගාවලියේදි ලකුණු 146ක් රැස් කළ චරිත් අසලංක ස්ථාන දෙකක් ඉදිරියට පැමිණෙමින් මේ වන විට එම සටහනේ පසුවන්නේ 14 වැනි ස්ථානයේයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *