ශ්‍රී ලංකා කනිෂ්ඨ විවෘත ගොල්ෆ් තරගාවලිය කොළඹ රාජකීය විද්‍යාලයීය ගොල්ෆ් පිටියේදී ඉකුත්දා නිමාවට පත්වුණා.
මෙවර තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 150කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියා.
ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය සංවිධාන කළ කනිෂ්ඨ විවෘත ගොල්ෆ් තරගාවලිය පැවැත්වුණේ කොළඹ රාජකීය විද්‍යාලයීය ගොල්ෆ් පිටියේදීයි.
මෙවර තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 150කට අධික සංඛ්‍යාවක් එක් වූ අතර තරගාවලිය කාණ්ඩ 4ක් යටතේ පැවැත්වුණා.
බාලක අවුරුදු 16-19 අතර රන් කාණ්ඩයේ ශූරතාව දිනා ගත්තේ ජෙවාන් සතාසිවම්.
අනුශූරතාව යනිත් කුමාර සහ රෙෂාන් අල්ගම විසින් දිනා ගත්තා.
කනිෂ්ඨ විවෘත ගොල්ෆ් තරගාවලියේ ශූරිය බවට පත්වුණේ කායා දළුවත්තයි.
අනුශූරිය ලෙස ශෙරින් මිත්සාරා සම්මාන දිනා ගත්තා.
කාන්තා අංශයේ තුන්වැනි ස්ථානය ඉන්දීය ජාතික ආලිය අකාරි විසින් දිනා ගැනීමට සමත්වුණා.
