අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලිය ඉකුත්දා පැවති තවත් තරගයකින් ජය වාර්තා කිරීමට NCC ක්‍රීඩා සමාජය සමත්වුණා.
ඒ කැන්ඩි කස්ටම් කණ්ඩායම ලකුණු 76කින් පරාජය කරමින්.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් කොළඹ එන් සී සී පිටියේදී පැවැත්වුණේ එන්.සී.සී කණ්ඩායම සහ කැන්ඩි කස්ටම් කණ්ඩායම අතරයි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එන්.සී.සී කණ්ඩායම නියමිත පන්දුවාර 50දි කඩුලු 8ක් දැවී ලකුණු 320ක් රැස් කිරීමට සමත්වුණා.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක ලකුණු 90ක් සහ කමිල් මිෂාර ලකුණු 76ක් රැස් කළා.
ලකුණු 321ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කැන්ඩි කස්ටම් කණ්ඩායමට පන්දුවාර 45යි පන්දු 3ක් අවසානයේ සියලු දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 244ක් පමණයි.
තෙවිඳු දික්වැල්ල ලකුණු 71 ක් රැස් කළ අතර සහන් ආරච්චිගේ ලකුණු 41කට කඩුලු 3ක් දවා ගැනීමට සමත්වුණා.
