ටොරින්ටන් හොකී පිටිය නවීකරණයට ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය

කොළඹ ටොරින්ටන් හි පිහිටි අබලන් තත්වයේ ඇති හොකී සහ පැසිපන්දු පිටිය ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායකගේ නිරීක්ෂණයට ලක්වුණා.

ඔහු එහිදී සඳහන් කළේ කඩනමින් මෙම ක්‍රීඩාංගණ දෙකම නවීකරණය කිරීමට පියවර ගන්නා බවයි.

කොළඹ ටොරින්ටන් හි පිහිටි කෘත්‍රිම හොකී ක්‍රීඩාංගණය සහ පැසිපන්දු පිටිය මේ වන විට දැඩි ලෙස අබලන් තත්වයේ පවතිනවා.

ක්‍රීඩා කිරීමට නොහැකි තත්වයේ පවතින මෙම ක්‍රීඩාංගණ දෙකම වසර ගණනාවකින් නවීකරණය කර නැහැ.

පැසිපන්දු පිටියේ බොහෝ ස්ථාන ක්‍රීඩා කිරීමට නොහැකි තත්වයේ පැවතියේ මෙලෙසින්.

අබලන්ව ඇති කෘත්‍රිම හොකී පිටිය සහ පැසිපන්දු පිටිය ඉකුත්දා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ නිරීක්ෂණයට ලක්වුණා.

ඔහු එහිදී කියා සිටියේ පැසිපන්දු පිටිය ලබන වසරේ මාර්තු අවසන් වන විට නවීකරණය කර අවසන් කරන බවයි.

කෘත්‍රිම හොකී පිටිය නවීකරණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මූල්‍ය අනුග්‍රහයක් ලබා දී ඇතැයිද ඔහු සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *