ලබන වසරේ පැවැත්වීමට නියමිත අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය අද ඩුබායි හිදි හෙට පැවැත්වෙනවා.
මෙවර ක්‍රීඩක වෙන්දේසියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 8 දෙනෙකුද ඇතුළත් කර තිබෙනවා.
2024 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් කරන ක්‍රීඩක ලැයිස්තුව තරගාවලියේ සංවිධායකයින් ඉකුත්දා නිවේදනය කළා.
ඒ අනුව එම ක්‍රීඩක වෙන්දේසිය ඩුබායිහීදි අද පැවැත්වෙන අතර ඒ සඳහා ක්‍රීඩකයන් 1166ක් ලියාපදිංචි වී තිබූණා.
කෙසේ වෙතත් පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියට ඉන් ඉදිරිපත් කෙරෙන්නෙ ක්‍රීඩකයන් 333 දෙනෙක් පමණයි.
ඉන් ක්‍රීඩකයින් 119 දෙනෙක් විදෙස් ක්‍රීඩකයන් වන අතර 214 දෙනෙක් ඉන්දීය ක්‍රීඩකයන් වනවා.
වෙන්දේසියේදි ක්‍රීඩකයන් 77 දෙනෙකු මිලදී ගැනීමට කණ්ඩායම් 10 හිමිකරුවන්ට අවස්ථාව පවතින අතර මේවනවිට පුරප්පාඩු වී ඇති විදෙස් ක්‍රීඩකයන් සංඛ්‍යාව 30ක්.
IPL ක්‍රීඩක වෙන්දේසියේදී ඉහළම මූලික වටිනාකමක් හිමි කාණ්ඩය වන ඉන්දීය රුපියල් කෝටි දෙකේ ඛාණ්ඩය යටතේ ක්‍රීඩකයන් 23 දෙනෙකු වෙන්දේසියට ඉදිරිපත් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 8 දෙනෙකු වෙන්දේසියට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග ඉන්දිය රුපියල් කෝටි 1.5 කාණ්ඩයෙන් වෙන්දේසියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරෙන සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන්නේ කුසල් මෙන්ඩිස්, ඩිල්ෂාන් මදුෂංක, චරිත් අසලංක,දසුන් ශානක,දුෂ්මන් චමීර , ලහිරු කුමාර සහ නුවන් තුෂාරයි.
ඔවුන් සියලු දෙනාම ඉන්දියන් රුපියල් ලක්ෂ 50 කාණ්ඩයෙන් ඉදිරිපත් කෙරෙනු ඇති.
