කවාජාට ICCයෙන් අවවාද

ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු උස්මාන් කවාජාට අවවාද කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.

ඒ පාකිස්ථානය සමඟ පැවති පළමු ටෙස්ට් තරගයේදී ගාසා තීරයේ සිවිල් වැසියන්ට සහාය පළ කරමින් අතේ කළු පටියක් පැළඳ සිටීම හේතුවෙන්.

ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු උස්මාන් කවාජා පාකිස්තානය සමඟ පැවති පළමු ටෙස්ට් තරගයේදී ගාසා වැසියන්ට සහාය පලකරමින් අතේ කළු පටියක් පැළඳගෙන සිටියා.

ඊට අමතරව සියලු ජීවිත සමානයි.නිදහස මානව අයිතිවාසිකමක්” ලෙස 37 හැවිරිදි කවාජා පුහුණුවීම්වලදී සිය සපත්තුවල ද සඳහන් කර තිබුණා.

ඒ ගාසා තීරයේ සිවිල් වැසියන්ට සහය පළ කරමින් බවයි කාවාජා සඳහන් කර තිබුණේ‍ෙ.

උස්මාන් කවාජා මෙලෙස පුද්ගලික පණිවිඩයක් ප්‍රදර්ශනය කර තිබුණේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ සහ ICC හි පූර්ව අනුමැතිය ලබා නොගෙනයි.

එමනිසා අනවසරයෙන් කළු පටියක් පැළඳීම එහි ඇඳුම් සහ උපකරණ රෙගුලාසි කඩ කිරීම ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළා.

කෙසේවෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය උස්මාන් කාවාජාට තරග තහනමක් පැනවීමට තීරණය කර නොමැති නිසා දෙසැම්බර් 26 වැනිදා පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට ඔහුට අවස්ථාව හිමිවනවා.

නමුත් ICC සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ අවසරයකින් තොරව ඔහු නැවතත් අත් පටියක් පැළඳ හෝ පලස්තීනුවන්ට සහය පළ කරමින් පිටියේ ප්‍රකාශයක් කළහොත් ඔහුට දඩුවම් පැනවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ICC රෙගුලාසි යටතේ, ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර තරග අතරතුර දේශපාලන, ආගමික හෝ වාර්ගික හේතූන් පිළිබඳ පණිවිඩ ප්‍රදර්ශනය කිරීමට හැකියාවක් නැහැ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් උස්මාන් කවාජා සඳහන් කළේ ඔහු දෙසැම්බර් 26 වැනිදා ආරම්භ වන ටෙස්ට් තරගයේදී කලු පටියක් නොපලඳින බවයි

නමුත් ගාසා ජනතාව වෙනුවෙන් සේවය කිරීම නතර නොකරන බවත් ඔහු සඳහන් කළා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *