ජාතික පාපන්දු පුහුණුකරුට සේවා දිගුවක්
රී ලංකා පාපන්දු පුහුණුකරු ඇන්ඩි මොරිසන්ගේ සේවා කොන්ත්‍රාත්තුව 2025 වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ආසියානු පාපන්දු සංගමය සහ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා.
රී ලංකා පාපන්දු පුහුණුකරු ඇන්ඩි මොරිසන්ගේ සේවා කොන්ත්‍රාත්තුව 2025 වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ආසියානු පාපන්දු සංගමය සහ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා.
අවුරුදු 13න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේදී තම දෙවැනි ශතකය රැස් කරමින් තුන් ඉරියව් දස්කම් දැක්වීමට කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ දකුණත් ආරම්භක පිතිකරු මියුරු බණ්ඩාර සමත්වුණා.
ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමය මෙහෙයවන 51 වැනි කනිෂ්ඨ ජාතික බැඩ්මින්ටන් තරගාවලිය එළඹෙන සඳුදා (27) සිට ලබන මස 2 දා දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඔස්ට්‍රේලියානු පොලිසිය සාධාරණ හේතු රහිතව චෝදනා ගොනුකර ඇති බව පවසමින් ඔහු වෙත නඩු ගාස්තු පිරිනැමීමට සිඩ්නි අධිකරණය අද නියෝග කර කළා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සමේ වැඩිදුර විභාගය හෙට (24) දිනට කල් තැබුණා.
බටහිර ඉන්දීය කොදෙව් හිටපු ක්‍රීඩක මාර්ලන් සැමුවෙල්ස්ට වසර 6ක ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා.
“මේ ලෝක කුසලානය කඩාකප්පල් කළෙත් ඇමති සහ ඔය ලෙජන්ඩ් කියන එක්කෙනයි තමයි. මම නම කියන්නේ නැහැ.. හැමෝම දන්නවා නේ.”
ජාතික ක්‍රීඩා අරමුදලින් ලක්ෂ 63ක මුදල් සහ උපකරණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙන ඉකුත්දා පිරිනැමුණා.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ හිටපු උපදේශක සහ ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික සුදත් චන්ද්‍රසේකර මහතා වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය හෙළාදකිමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එක්දින සහ T20 ක්‍රිකට් තරගවලදී කාලය නාස්ති කිරීම වැළැක්වීමට නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.