මෙවර ඔස්ට්‍රේලියා බිග්බෑෂ් කාන්තා ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු නම් කර තිබෙනවා.
ඒ ඇය මෙවර තරගවායේදී තුන් ඉරියව්වෙන් දැක් වූ දක්ෂතා හේතුවෙන්.
සිඩ්නි තන්ඩර් කණ්ඩායම නියෝජනය කරන චමරි මෙවර තරගා වාරයේදී තරග 15කට ක්‍රීඩා කරමින් ලකුණු 511ක් රැස් කර ගෙන ඇත්තේ 42.58ක පිතිකරණ සාමාන්‍යයක් රඳවා ගනිමින්.
ඇය මේවන විට මෙවර තරග වාරයේ වැඩිම ලකුණු ලාභිනියන් අතර පසුවන්නේ දෙවන ස්ථානයේයි.
මෙවර කාන්තා බිග්බෑෂ් තරගාවලියේදී කිසිදු කණ්ඩායමක් චමරි අතපත්තුව මිලට ගැනීමට ඉදිරිපත් නොවූ අතර ඇයට කැඳවීමක් ලැබුණේ සිඩ්නි තන්ඩර් කණ්ඩායමේ විදෙස් ක්‍රීඩිකාවක් ආබාධයකට ලක්වීම හේතුවෙන්.
තමන් ලැබුණු මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් චමරි අතපත්තු කැපී පෙනන දක්ෂතා දැක්වී විශේෂත්වයක්.
චමරි අතපත්තුව මෙවර කාන්තා බිග්බෑෂ් තරගවලියේ විශිෂ්ටතම කණ්ඩායමටද ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
