ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ මතභේදයකට පැටලුණු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තනතුරෙන් ඉවත්කරනු ලැබීම ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පැනවී ඇති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තහනම ඉවත්කරලීම උදෙසා සුබවාදී බලපෑමක් ඇතිකළ හැකි බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර කරනවා.
එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ඉවත්කිරීම සඳහා ජවයෙන් කටයුතු කළ රොෂාන් රණසිංහ එම තනතුරෙන් ඉවත්කිරීම, රජය ක්‍රිකට් පරිපාලනය සඳහා තවදුරටත් මැදිහත් නොවීමේ සලකුණක් වනු ඇති බවයි ද ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ.
