2023 MOTO GP ශූරතාව ෆ්‍රැන්සෙස්කෝට

2023 ලෝක ශූරතා මෝටර් ජීපි යතුරුපැදි ශූරතාව හිමිකරගැනීමට ඉතාලියේ ෆ්‍රැන්සේස්කෝ බාග්නියා සමත්වුණා.

ඒ අනුව ෆ්‍රැන්සේස්කෝ බාග්නියා ලෝක ශූරතා මෝට ජීපි යතුරුපැදි ශූරතාව අඛණ්ඩව ජයගත් දෙවන අවස්ථාව මෙයයි.
2023 ලෝක ශූරතා මෝට ජීපි යතුරුපැදි තරගාවලියට අදියර 21ක් ඇතුළත් වුණා.

ලෝක ශූරතා මෝට ජීපි යතුරුපැදි තරගාවලියේ අවසන් අදියර පැවැත්වුණේ ස්පාඤ්ඤයේ රිකාඩෝ ධාවන පථයේදීයි.

එම අදියරේ සමස්ථ දුර ප්‍රමාණය කිලෝමීටර 4යි දශම 1ක්.

අවසන් අදියර විනාඩි 40යි තත්පර 58කින් අවසන්කළ ඉතාලියේ ෆ්‍රැන්සේස්කෝ බාග්නියා අවසන් අදියරේ ජයහිමිකරගත්තා.

ඒ සමඟ සමස්ත අදියර 21න් 18ක ජයහිමිකරගත් ෆ්‍රැන්සේස්කෝ බාග්නියා මෙවර මෝට ජීපි ශූරතාව හිමිකරගැනීමට සමත්වුණා.

ෆ්‍රැන්සේස්කෝ බාග්නියා ප්‍රසාද ලකුණු 467ක් හිමිකරගනිමින් සමස්ත ශූරතාව දිනාගත්තා.

ඔහු ලෝක ශූරතා මෝට ජීපි ශූරතාව හිමිකරගත් දෙවන අවස්ථාව මෙයයි.

අවසන් අදියරේ දෙවන ස්ථානය ප්‍රංශයේ ජෝන් සාකෝ හිමිකරගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *