2023 ෆෝමියුලා වන් ශූරතාව වර්ස්ටපන්ට

Red Bull driver Max Verstappen of the Netherlands gestures after winning the Austrian Formula One Grand Prix, at the Red Bull Ring racetrack, in Spielberg, Austria, Sunday, July 2, 2023. (AP Photo/Darko Bandic)

2023 ලෝක ශූරතා ෆෝමියුලා වන් මෝටර් රථ තරගාවලියේ ශූරතාව හිමිකරගැනීමට රෙඩ්බුල් කණ්ඩායමේ මැක්ස් වර්ස්ටපන් සමත්වුණා.

ඔහු ෆෝමියුලා වන් ශූරතාව අඛන්ඩව දිනාගත් තුන්වැනි අවස්ථාව මෙයයි.

ලෝක ශූරතා ෆෝමියුලා වන් මෝටර් රථ තරගාවලියේ අවසන් අදියර නිමාවූ සති අන්තයේදී පැවැත්වුණේ අබුඩාබිහීදියි.

අබුඩාබිහී යාස් මාරීනා ධාවන පතයේදී පැවති තරගයේ සමස්ථ දුර ප්‍රමාණය කිලෝමීටර 306යි දශම 1යි 8යි 3ක්.

එම දුර ප්‍රමාණය පැයයි මිනිත්තු 27යි තත්පර 2කින් අවසන් කළ රෙඩ්බුල් කණ්ඩායමේ මැක්ස් වර්ස්ටපන් පළමු ස්ථානය හිමිකරගත්තා.

ඒ සමඟ මෙවර තරග වාරයේ අදියර 22න් අදියර 19ක ජය හිමිකරගත් මැක්ස් වර්ස්ටපන් මෙවරත් ලෝක ශූරතා ෆෝමියුලා වන් මෝටර් රථ තරගාවලියේ ශූරතාව හිමිකරගැනීමට සමත්වුණා.

මැක්ස් වර්ස්ටපන් මීටපෙර 2021 සහ 2022 වසරවලදීද ලෝක ශූරතා ෆෝමියුලා වන් ශූරතාව හිමිකරගෙන තිබෙනවා.

අවසන් අදියරේ දෙවවන ස්ථානය ෆෙරාරි කණ්ඩායමේ චාල්ස් ලෙක්ලයා හිමිකරගත් අතර තුන්වන ස්ථානය හිමිකරගත්තේ මහා බ්‍රිතාන්‍යෙයේ ජෝර්ජ් රසෙල්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *