ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ නායකත්වයට ශූබ්මන් ගිල්ව පත්කර තිබෙනවා.
ඒ අනුව ශූබ්මන් ගිල්ගේ කුළුදුල් නායකත්වයෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම 2024 වසරේ අයී පී එල් තරගාවලියට පිවිසෙනු ඇති.
2024 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ඉදිරිපත් කරන ක්‍රීඩකයන් සහ කණ්ඩායම් තුළ රඳවා ගන්නා ක්‍රීඩකයන් නිවේදනය කිරීම පසුගිය ඉරිදා දිනයෙන් අවසන් වුණා.
එහිදි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ නායක හර්දික් පාණ්ඩ්‍යා සමඟ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඉන්දීය කෝටි රුපියල් 15ක මුදලකට ගිවිසුම්ගතවීම නිසා ගුජරාට් පිල හර්දික්ව සිය සංචිතයෙන් නිදහස්කළා. .
හර්දික්ගේ නායකත්වය යටතේ ගුජරාට් පිල අයි පී එල් එක් ශූරතාවක් සහ අනුශුරතාවක් ජයග්‍රහණය කර තිබෙනවා.
මේ අතර හර්දික් පාන්ඩ්‍යා ඊයේ මුම්බායි කණ්ඩායම සමඟ එක්වූ විඩියෝවක් මුම්බායි ඉන්දියන් නිල යූ ටියුබ් නාළිකාවට එක් කර තිබුණා.
හර්දික් පාන්ඩ්‍යා ලීග් තරග ආරම්භ කළේ 2015 වසරේදී මුම්බායි පිල සමඟයි.
2015දී මුම්බායි පිල පාණ්ඩ්‍යාව මිළදී ගත්තේ ඉන්දීය රුපියල් ලක්ෂ 10ක මුදලකටයි.
එතැන් පටන් 2022 වසර දක්වා පාන්ඩ්‍යා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ ක්‍රීඩා කළා.
පාන්ඩ්‍යාගේ ඉවත්වීමෙන් පුරප්පාඩූ වූ ගුජරාට් පිලේ නායකත්වය වෙනුවෙන් ශුබ්මන් ගිල්ව පත්කළ බව ඊයේ පස්වරුවේ එම කණ්ඩායම නිවේදනය කළා.
2022 වසරේදී ගිල්ව ගුජරාට් ටයිටන්ස් පිල ඉන්දීය කෝටි 8ක මුදලකට මිළදී ගත් අතර එම වසරේදී ඔහු ලකුණු 483ක් කණ්ඩායම වෙනුවෙන් වාර්තා කිරීමට සමත්වුණෘ.
මෙම වසරේදී ගිල් අයී පී එල් තරගාවලියේදී රැස්කළ ඉහළම ලකුණු සංඛයාව වාර්තා කිරීමටද සමත්වුණා.
ඒ අතර පිට පිට අයි පී එල් තරගාවලියේදී ශතක රැස්කළ සිව්වන අයි පී එල් ක්‍රීඩකයාගේ වාර්තාවද ලියැවි ඇත්තේ ෂුබ්මන් ගිල්ගේ නම ඉදිරියෙන්.
