මැතිව්ස් T10 පිටිය හොල්ලයි
අබුඩාබි T10 ලීග් ක්රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයේදී Samp Army කණ්ඩායමට එරෙහිව කඩුලු ත්රිත්වයක් වාර්තා කිරීමට Northern Warriors නායක ඇන්ජලෝ මැතිව්ස් සමත්වුණා.
අබුඩාබි T10 ලීග් ක්රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයේදී Samp Army කණ්ඩායමට එරෙහිව කඩුලු ත්රිත්වයක් වාර්තා කිරීමට Northern Warriors නායක ඇන්ජලෝ මැතිව්ස් සමත්වුණා.
ඉන්දියාව සහ ඔස්ට්රේලියාව අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගය වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ, තනතුරෙන් ඉවත්කරනු ලැබීම ශ්රී ලංකා ක්රිකට් වෙත පැනවී ඇති ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයේ තහනම ඉවත්කරලීම උදෙසා සුබවාදී බලපෑමක් ඇතිකළ හැකි බව ක්රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර කරනවා.
ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ නායකත්වයට ශූබ්මන් ගිල්ව පත්කර තිබෙනවා.
මෙවර ඔස්ට්රේලියා බිග්බෑෂ් කාන්තා ක්රිකට් තරගාවලියේ දක්ෂතම ක්රීඩිකාව ලෙස චමරි අතපත්තු නම් කර තිබෙනවා.
ක්රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම දෙසැම්බර් 05 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.
හරීන් ප්රනාන්දු මහතා ක්රීඩා අමාත්යදුරයේත් පවිත්රා වන්නිආරච්චි මහත්මිය වාරිමාර්ග අමාත්යධුරයේත් මීට සුළු වේලාවකට පෙර ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම්දෙනු ලැබුවා.
වහාම ක්රියාමත්මක වන පරිදි රොෂාන් රණසිංහ මහතා ක්රීඩා හා වාරිමාර්ග අමාත්ය ධුරයෙන් ඉවත් කර තිබෙනවා. ජනාධිපති මාධ්ය අංශය මේ බව නිවේදනය කළා.
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ලියාපදංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත්කිරීමට ක්රීඩා අමාත්යවරයා ගත් තීරණයට එරෙහිව ගොනුකළ පෙත්සම පිළිබඳ වැඩිදුර සලකා බැලීම හෙට (28) දින තෙක් කල් තැබුණා.
ශ්රී ලංකා පාසල් ක්රිකට් සංගමය (SLSCA) විසින් වයස අවුරුදු 13න් පහළ දෙවන අදියරේ පළමුපෙළ තරගාවලියක් සංවිධාන කර තිබෙනවා. එහි එක් තරගයක් පසුගිය 24 වනදා කොළඹ හින්දු විද්යාලය සහ බත්තරමුල්ල MDH ජයවර්ධන මහා විද්යාලය අතර පැවැත්වුණා. ඒ, මුල්ලේරියාව ක්රිකට් ක්රීඩාංගණයේ දීයි. තරගයේ කාසියේ වාසිය දිනූ ජයවර්ධන මහා විද්යාලය ප්රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාවන කොළඹ හින්දු විද්යාලයට…