ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය (SLSCA) විසින් වයස අවුරුදු 13න් පහළ දෙවන අදියරේ පළමුපෙළ තරගාවලියක් සංවිධාන කර තිබෙනවා.
එහි එක් තරගයක් පසුගිය 24 වනදා කොළඹ හින්දු විද්‍යාලය සහ බත්තරමුල්ල MDH ජයවර්ධන මහා විද්‍යාලය අතර පැවැත්වුණා.
ඒ, මුල්ලේරියාව ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.
තරගයේ කාසියේ වාසිය දිනූ ජයවර්ධන මහා විද්‍යාලය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාවන කොළඹ හින්දු විද්‍යාලයට ලබා දුන්නා.
ඒ අනුව පන්දුවට පහර දුන් කොළඹ හින්දු විද්‍යාලයට සිය පළමු ඉනිම සඳහා කඩුලු 09ක් දැවි ලකුණු 126ක් ලබා සිටිය දී සිය ඉනිම අත්හිටුවීමටයි තීරණය කළේ.
අනතුරුව පන්දුවට පහර දුන් බත්තරමුල්ල MDH ජයවර්ධන මහා විද්‍යාලයට සිය ප්‍රථම ඉනිම සඳහා සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 28ක් පමණයි.
එහි දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ හින්දු විද්‍යාලය නියෝජනය කළ දස හැවිරිදි සෙල්වසේකරන් රිෂියුධන් කිසිදු ලකුණක් ලබා නොදී කඩුලු 08ක් බිඳ හෙළුවා.
ඔහු විසින් යොමු කළ පන්දුවාර සංඛ්‍යාව 9.4ක්.
කෙසේ වෙතත් දෙවන ඉනිම ක්‍රීඩා කිරීමට නොහැකි වීම හේතුවෙන් තරගයේ ජයග්‍රහණය කොළඹ හින්දු විද්‍යාලයට හිමි වුණා.
