අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයේදී Samp Army කණ්ඩායමට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට Northern Warriors නායක ඇන්ජලෝ මැතිව්ස් සමත්වුණා.
එම තරගයේදී ලකුණු 104ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි amp Army ඉනිමේ අවසන් පන්දුවාරයේදී මැතිව්ස් මෙම කඩුලු ත්‍රිත්වය දවා ගත්තෙ සුපිරි පන්දු යැවීමක නිරත වෙමින්.
එහි සුවිශේෂීතාවය වන්නේ ඒ වනවිට පිටියේ ස්ථාවරව රැඳී සිටි amp Army කණ්ඩායමේ නායක සුපිරි පිතිකරු Moeen Ali ඔහුගේ පළමු කඩුල්ල වීමයි.
ඒ වනවිට තරගයේ වැඩි වාසිය amp Army කණ්ඩායම වෙතට හැරී තිබුණේ Moeen Ali කඩුල්ලේ රැඳී සිටීමයි.
කෙසේ වෙතත් තරගයේ අවසන් පන්දුවාරයේ පළමු පන්දුවෙන් Moeen Aliගේ කඩුල්ලෙන් දඩයම ඇරඹූ මැතිව්ස් පිළිවෙලින් Basil Hameed සහ Qais Ahmad ආ පයින්ම ක්‍රීඩාගාරයට හරවා යැව්වා.
ඒ අනුව එම තරගයෙන් ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දැරූ Northern Warriors කණ්ඩායම ලකුණු 9ක ජයක් හිමිකර ගත්තා.
