ඉන්දියාවේ ගුජරාට් හි පැවැත්වෙන ආසියානු බර ඉසිලීමේ ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වීමට නියමිතයි
මෙම තරඟාවලිය මැයි 12 සිට 17 දක්වා රටවල් 28 ක සහභාගීත්වයෙන් පැවැත්වේ. 2028 ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රේණිගත කිරීම් ලකුණු ලබා ගැනීමට මෙන්ම, එළඹෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලැබීමේ අවසන් අවස්ථාව ලෙස ද මෙම තරඟාවලිය ඉතා වැදගත් වනු ඇතියි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඩබ්ලිව්.ආර්.එම්.ආර්. බණ්ඩාර ද සෙසු පුහුණුකරුවන් ලෙස රුක්ෂාන් ගුණතිලක, චමින්ද ගමගේ සහ මෙවින් විජේවර්ධන ඇතූලු කණ්ඩායමක් කටයුතු කරනු ලබයි.
පිරිමි කණ්ඩායම
දිලංක ඉසුරු කුමාර (60kg)
සුපුන් සෝමතිලක (60kg)
සඳු ජයවර්ධන (65kg)
මනෝජ් විජේසිංහ (65kg)
ඉන්දික දිසානායක (71kg)
චින්තන විදානගේ (79kg)
රුචිර ජයසේන (88kg)
ශාලුක දිසානායක (94kg)
කාන්තා කණ්ඩායම
රවිහාරි ගුණතිලක (48kg)
හංසනී ගෝමස් (48kg)
දිලිනි ප්‍රේමරත්න (53kg)
ඩී.එම්. මධුෂානි (58kg)
එම්. උමේරා (63kg)
චතුරිකා ප්‍රියන්ති (86kg)
අචිනි වික්‍රමසිංහ (+86kg)
අනුෂ්කා කළුතන්ත්‍රි (+86kg)
