චමරිලා 20-20 තරගාවලිය කලින්ම දිනයි

සංචාරක පාකිස්තානය කණ්ඩායම සමග පැවැති දෙවන 20-20 තරගය කඩුලු 6කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ සමත්වූණා.

මෙම ජයත් සමග තරග 3කින් සමන්විත මෙම තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා කාන්තා පිල ජය ගත්තා.

රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය පාකිස්තාන කාන්තා කණ්ඩායම දිනා ගත් අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි පාකිස්තාන කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 5ක් දැවී ලකුණු 178ක් රැස් කිරීමට සමත්වුණා.

ෂවාල් සුලිෆිකර් ලකුණු 48ක් රැස් කළ අතර පන්දුයැවීමේදී චමුදි ප්‍රබෝධා ලකුණු 27කට කඩුලු 2ක් දවා ගත්තා.

ලකුණු 179ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවාර 17යි පන්දු 4ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසුකර ගියා.

චමරි අතපත්තු ලකුණු 40ක් රැස් කළ අතර සංජනා කාවින්දි ලකුණු 46යි.

මැද පෙළ ශක්තිමත් කළ විශ්මි ගුණරත්න ලකුණු 31ක් රැස් කළ අතර හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 37ක් රැස් කරමින් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා රැගෙන ගියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *