මෙවර පාපන්දු ලෝක කුසලාන පාපන්දු ජුනි 11 වැනිදා ආරම්භ වන අතර එහි නිල ගීතය හැඳින්වීමක් සමාජ මාධ්‍ය වෙත අද නිකුත් කළා.
මෙය ගායනා කරන්නේ කොලොම්බියානු ජාතික සුපිරි පොප් ගායිකා ශකීරායි.
මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අමෙරිකාව, මෙක්සිකෝව සහ කැනඩාවේ සත්කාරකත්වයෙන් ජුනි 11 වැනිදා සිට ජුලි 19 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ නිල ගීතයේ හැඳින්වීමක් සමාජ මාධ්‍ය වෙත ඊයේ නිකුත් කළ අතර මෙය ගායනා මෙය ගායනා කරන්නේ කොලොම්බියානු ජාතික සුපිරි පොප් ගායිකා ශකීරායි.
“ඩායි ඩායි” ලෙස නම් කළ මෙම ගිතයේ ගායනය සඳහා ශකීරා සමග එක්වන්නේ අප්‍රිකානු රිද්ම සුපිරි තරුවක් වන “බර්නා බෝයි ”
ශකීරා සමග ගීතයේ රූප රචනයට එක්වන නර්තන ශිල්පීන් ලෝක කුසලාන අවසන් තරග සඳහා සුදුසුකම් ලැබූ රටවල ජාතික ධජවල වර්ණයෙන් සැරසී සිටීම විශේෂත්වයක්.
2026 ලෝක කුසලාන නිල තේමා ගිතය නිල වශයෙන් එළිදැක්වෙන්නෙ මැයි 14 වැනිදායි.
ශකීරා ගැයූ වක වක ගීතය 2010 වසරේ දකුණු අප්‍රිකාවේ පැවති ලෝක කුසලාන පාපන්දු තරගවලියේ නිල තේමා ගීතය බවට පත් වූ අතර එම ගීතය ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයට පත් වුණා.
ඇය 2006 සහ 2014 ෆීෆා ලෝක කුසලාන පාපන්දු අවසන් තරගවලදී ක්‍රීඩාලෝලින් අමන්දානන්තයට පත්කළා.
2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ජුනි 11 වැනිදා මෙක්සිකෝ සිටි නගරයේ ඇස්ටෙකා ක්‍රීඩාංගණයේදී ආරම්භ වන්නේ මෙක්සිකෝව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන්.
