නවසීලන්ත කාන්තා A කණ්ඩායයේ අද දිවයිනට පැමිණියා.
ඒ ශ්‍රී ලංකා කාන්තා A කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින සහ 20-20 තරගාවලියකට සහභාගිවීම සඳහායි.
ශ්‍රී ලංකා තරග සංචාරයක් සඳහා මෙලෙස පැමිණි නවසීලන්ත කාන්තා A කණ්ඩායමට ක්‍රීඩිකාවන් 21 දෙනෙකු ඇතුළත්.
නවසීලන්ත කාන්තා A කණ්ඩායම ශ්‍රී ලංකා තරග සංචාරයේදී ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම සමග එක්දින තරග 3කට සහ 20-20 තරග 3කට සහභාගිවීමට නියමිතයි.
මෙම තරගාවලි දෙකම දඹුල්ලේදී පැවැත්වෙන අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය මැයි මස 12 වැනිදාත්, දෙවන එක්දින තරගය මැයි මස 15 වැනිදාත් අවසන් එක්දින තරගය මැයි මස 18 වැනිදාත් පැවැත්වීමට නියමිතයි.
තරග 3කින් සමන්විත 20-20 තරගාවලියේ පළමු තරගය මැයි 21 වැනිදාත්, දෙවන 20-20 තරගය මැයි 23 වැනිදාත් 3 වැනි සහ අවසන් 20-20 තරගය මැයි 25 වැනිදාත් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
