ඉන්දියාව සහ චීනය පාපන්දුව එපා කියයි ?

2026 පාපන්දු ලෝක කුසලානය ආරම්භ වීමට ඇත්තේ තව මාසයකට ආසන්න කාලයක්.

එවන් පසුබිමක ලොව විශාලතම ජනගහනයක් වෙසෙන ඉන්දියාව සහ චීනයේ ක්‍රීඩාලෝලීන්ට මෙවර පාපන්දු ලෝක කුසලානය නැරඹීමේ අවස්ථාව අහිමිව ගොස් තිබෙනවා.
2026 පාපන්දු ලෝක කුසලානය කැනඩාව ,මෙක්සිකෝව සහ අමෙරිකාව කේන්ද්‍ර කරගනිමින් ජුනි 11 වැනිදා සිට ජුලි 19 වැනිදා දක්වා පැවැත්විමට නියමිතයි.

රටවල් 48ක සහභාගීත්වයෙන් මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලිය නගර 16ක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා.

මෙම පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තරග නැරඹීමේ අවස්ථාව ලොව විශාලතම ජනගහනයක් වෙසෙන ඉන්දියාවට සහ චීනයට අහිමි වී තිබෙනවා.

ඒ මෙවර පාපන්දු ලෝක කුසලානයේ විකාශන අයිතිය මෙම රටවල් දෙකෙන් තවමත් මිලදී නොගෙන ඇති නිසයි.

මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේ විකාශනය කිරීම වෙනුවෙන් ඉන්දියාවේ රිලයන්ස්-ඩිස්නි ඒකාබද්ධ ආයතයන ඩොලර් මිලියන 20ක මුදලක් යෝජනා කර තිබෙනවා.

නමුත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය එම ලංසුව ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

චීනය සඳහා ද මෙතෙක් ගිවිසුමක් ප්‍රකාශයට පත් කර නොමැති අතර FIFA ආයතනයට අනුව 2022 ලෝක කුසලානයේ ගෝලීය ඩිජිටල් සහ සමාජ මාධ්‍ය නැරඹුම් කාලයෙන් 50%කට ආසන්න ප්‍රමාණයක් දායක වී ඇත්තේ චීනයයි.

FIFA ආයතනය පවසන පරිදි, මේවන විට ඔවුන් ලොව පුරා ප්‍රදේශ 175කට අධික සංඛ්‍යාවක විකාශකයින් සමඟ ගිවිසුම්වලට එළඹ තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *