නැෂනල් සුපර් ලීග් සිවුදින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ධනංජය ද සිල්වා නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම අද සමත්වුණා.
ඒ අවසන් මහා තරගයේදී කොළඹ කණ්ඩායම ලකුණු 119කින් පරාජය කරමින්.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ කොළඹ කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතරයි.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලු 9ක් දැවී ලකුණු 222ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවනු ලැබුවා.
සොනාල් දිනූෂ ලකුණු 51ක් රැස් කළ අතර අංජල බණ්ඩාර ලකුණු 40යි.
පන්දුයැවීමේදී ප්‍රභාති ජයසූරිය ලකුණු 54කට කඩුලු 4ක් දවා ගත්තා.
පළමු ඉනිම ක්‍රීඩා කළ කොළඹ කණ්ඩායම සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 146ක් පමණයි.
කවිජ ගමගේ ලකුණු 44ක් රැස් කළ අතර පන්දුයැවීමේදී කවිඳු පතිරත්න ලකුණු 51ට කඩුලු 5ක් දවා ගැනීමට සමත්වුණා.
ලකුණු 76ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල කණ්ඩායම දෙවැනි ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 222ක් රැස් කළේ ජයග්‍රහණය සඳහා කොළඹ කණ්ඩායමට ලකුණු 299ක ඉලක්කයක් ලබාදෙමින්.
දඹුල්ල කණ්ඩායමේ දෙවැනි ඉනිම වෙනුවෙන් අකිල ධනංජය නොදැවී ලකුණු 53ක් සහ නිෂාන් මදුෂ්ක ලකුු 43ක් රැස් කළා.
ඒ අනුව ලකුණු 299ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කොළඹ කණ්ඩායට දෙවැනි ඉනිමේදී සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 179ක් පමණයි.
ධනංජය ලක්ෂාන් ලකුණු 84ක් රැස් කළ අතර පන්දුයැවීමේදී මොහොමඩ් සිරාස් ලකුණු 38කට කඩුලු 4ක් දවා ගත්තා.
ඒ අනුව මෙම තරගයෙන් ලකුණු 119ක් ජයක් වාර්තා කළ ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම මෙවර නැෂනල් සුපර් ලීග් සිවුදින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගත්තා.
