LPL 2026 විදෙස් ක්‍රීඩක ලියාපදිංචිය මැයි 8 වනදා ඇරඹේ

මෙරට ප්‍රමුඛතම විස්සයි-20 ක්‍රිකට් සැණකෙළිය වන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ හයවන අදියර සඳහා විදේශීය ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේ කටයුතු එළඹෙන මැයි 8 වනදා ආරම්භ වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවිය වන www.srilankacricket.lk හරහා ක්‍රියාත්මක වන මෙම මාර්ගගත ලියාපදිංචි වීමේ අවස්ථාව මැයි මස 18 වනදා දක්වා විවෘතව පවතිනු ඇත.
ක්‍රීඩාංගණ හතරකදී තරගාවලිය:
මෙවර තරගාවලිය දිවයිනේ ප්‍රධාන ක්‍රීඩාංගණ හතරකදී පැවැත්වීමට සැලසුම් කර ඇත. ඒ අනුව කොළඹ එස්.එස්.සී (SSC) සහ ආර්. ප්‍රේමදාස (RPICS) ක්‍රීඩාංගණ ද, මහනුවර පල්ලෙකැලේ (PICS) සහ දඹුල්ල රංගිරි දඹුලු (RDICS) ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ද තරග සඳහා සත්කාරකත්වය සපයනු ලබයි.
ලංකා ප්‍රිමියර් ලීග් 2026 තරගාවලිය එළඹෙන ජූලි සහ අගෝස්තු මාසවලදී පැවැත්වීමට නියමිතය. තරගාවලියේ හිමිකාරීත්වය දරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, එහි අයිතිවාසිකම් දරන IPG සමූහය සමඟ එක්ව මෙවරත් තරගාවලිය සංවිධානය කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *