චීනයේ සන්යා හි පැවති 6 වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල ඊයේ නිමාවට පත්වුණා.
රටවල් 45ක් සහභාගි වූ මෙවර ආසියානු වෙරළ ක්‍රීඩා උලෙළේ රන්පදක්කමක් ඇතුළුව පදක්කම් 7ක් දිනු ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 10 වැනි තැන හිමිකර ගත්තා.
6 වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උලෙළ රටවල් 45කගේ සහභාගිත්වයෙන් දින 9ක් පුරා චීනයේ සන්යා හිදි පැවැත්වුණා.
මෙවර ආසියානු වෙරළ ක්‍රීඩා උලෙළට ශ්‍රී ලංකාව ඉසව් රැසකට සහභාගි වූ අතර එහිදී රන් පදක්කමක්, රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් 4ක් සමගින් පදක්කම් 7ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.
පළමු රන් පදක්කම මෙහිදී ශ්‍රී ලංකාවට දිනා දුන්නේ කාන්තා මල්ලවපොර ඉසව්වට කිලෝග්‍රෑම් 50 බර පන්තියෙන් තරග වැදුණු නිපුනි වාසනායි.
කාන්තා කබඩි කණ්ඩායම රිදී පදක්කම දිනා ගත් අතර පිරිමි කබඩි කණ්ඩායම ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන්නා.
කාන්තා දුර පැනීම ඉසව්වට එක් වූ ඉෂාරා සමන්මලී රිදී පදක්කම දිනා ගත් අතර ශෂිකලා ලංකාතිලක එහි ලෝකඩ පදක්කම දිනා ගනිමින් ශ්‍රී ලංකාවට අභිමානයක් රැගෙන ආවා.
පිරිමි දුර පැනීම ඉසව්වේ ලෝකඩ පදක්කම ජයත්‍ර සම්පත් මිරැන්ඩ දිනා ගත් අතර පිරිමි මීටර 60 සහාය දිවිමේ ඉසව්වේ ලෝකඩ පදක්කමද ශ්‍රී ලංකාව දිනා ගැනීමට සමත්වුණා.
මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කළේ මංජලු ප්‍රභාෂ්, මලිත් තමෙල්, මලිත් තරුෂාන් සහ සඳුන් දියලවත්තයි.
චීනයේ සන්යා හි පැවති 6 වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ විචිත්‍රවත් සමාප්ති උලෙළකින් ඉකත්දා නිමාවට පත්වුණා.
රටවල් 45ක් සහභාගි වූ මෙවර ආසියානු වෙරළ ක්‍රීඩා උලෙළේ රන්පදක්කමක් ඇතුළුව පදක්කම් 7ක් දිනු ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 10 වැනි තැන හිමිකර ගත්තා.
ශ්‍රී ලංකා කණ්ඩායම සමාප්ති උළෙලට පිවිසුණේ මෙලෙසින්.
මෙවර ආසියානු වෙරළ ක්‍රීඩා උලෙළේ ශ්‍රි ලංකා ධජය රැගෙන යාමේ අවස්ථාව කාන්තා මල්ලවපොර ඉසව්වේ රන් පදක්කම දිනූ නිපුනි වාසනාට හිමි වුණා.
ඒ අනුව මෙවර 6 වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උලෙළ නිමාවට පත්වුණේ 7 වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උලෙළ සත්කාරකත්වය 2028 වසරේදී පිලිපිනයට භාර කරමින්.
