මහාමායා බාලිකා විද්‍යාලය සහ මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය අතර පැවැති කන්ද උඩරට කුමරියන්ගේ නිල් මහ සටන මහා ක්‍රිකට් තරගය ජය ගැනීමට මහමායා බාලිකා විද්‍යාලය සමත්වුණා.
පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගය පන්දුවාර 30ක තරගයක් ලෙස පැවැත්වුණා.
මහාමායා බාලිකා විද්‍යාලය සහ මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය අතර පැවැති කන්ද උඩරට කුමරියන්ගේ නිල් මහ සටන මහා ක්‍රිකට් තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.
තරගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වුණේ ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහයි.
තරගයේ කාසියේ වාසිය හිමිකරගත් මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමට මහාමායා බාලිකා විද්‍යාලයට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි මහාමායා බාලිකා විද්‍යාලය නියමිත පන්දුවාර 30දී කඩුලු 03 ක් පමණක් දැවී ලකුණු 146 ක් රැස් කිරීමට සමත්වුණා.
මෙහිදී අසේනි තලගුණේ ලකුණු 55 ක් රැස් කළ අතර හෂාරි සෝමරත්න පන්දු 30කදී ලකුණු 34 ක් රැස් කළා.
ලකුණු 147ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයට නියමිත පන්දුවාර 30දී කඩුලු 7ක් දැවී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 75ක් පමණයි.
විශිෂ්ඨ පන්දුයැවීමක නිරත වූ අසේනි තලගුණේ පන්දුවාර 6ක් යොමු කරමින් ලකුණු 9කට කඩුලු 4ක් දවා ගනිමින් මහාමායා බාලිකා විද්‍යාලයට ජය මාවත විවර කළා.
ඒ අනුව මෙම තරගයෙන් ලකුණු 71ක ජයක් වාර්තා කළ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය මෙවර කන්ද උඩරට කුමරියන්ගේ නිල් මහ සටන මහා ක්‍රිකට් තරගය ජය ගත්තා.
