චැම්පියන්ස් කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට යාපනය ශාන්ත මේරීස් කණ්ඩායම ඊයේ සමත්වුණා.
මෙරට ප්‍රධාන පාපන්දු තරගාවලියක උතුරේ පළාතේ පාපන්දු කණ්ඩායමක් ශූරතාව දිනා ගත් පළමු අවස්ථාවද මෙයයි.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධාන කළ චැම්පියන්ස් කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය ඉකුත්දා කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වුණේ යාපනය ශාන්ත මේරිස් කණ්ඩායම සහ සෝන්ඩර්ස් කණ්ඩායම අතරයි.
උතුරු පළාතේ කණ්ඩායමක් මෙරට ප්‍රධාන පාපන්දු තරගාවලියක අවසන් මහා තරගයකට එක්වූ පළමු අවස්ථාවද මෙය වනවා.
මෙම තරගයේ පළමු අර්ධයේදී දෙපිලම ගෝලය බැගින් වාර්තා කිරීමට සමත්වුණා.
දෙවන අර්ධයේදී දෙපිලම ගෝල වාර්තා කිරීමට සමත් නොවූ අතර ඒ අනුව තරගයේ නියමිත කාලය අවසන් වුණේ ගෝල 1ට එකක් ලෙස සම තත්වයෙන්.
ඒ අනුව මෙවර චැම්පියන්ස් කුසලාන පාපන්දු තරගාවලියේ ශූරයින් තේරීමට දඬුවම් පහර අවස්ථාව ක්‍රියාත්මක කෙරුණා.
දඬුවම් පහර අවස්ථාව ගෝල 3ට එකක් ලෙස ජයගත් යාපනය ශාන්ත මේරිස් කණ්ඩායම මෙවර චැම්පියන්ස් කුසලාන පාපන්දු ශූරතාව දිනා ගත්තා.
උතුරු පළාතේ පාපන්දු කණ්ඩායමක් මෙරට ප්‍රධානතම පාපන්දු තරගාවලියක ශූරතාවක් දිනූ පළමු අවස්ථාවද මෙය වනවා.
