කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිතපන විද්‍යාලය අතර 63 වැනි සහෝදරයන්ගේ සටන මහා ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 8කින් ජය ගැනීමට තර්ස්ටන් විද්‍යාලය අද සමත්වුණා.
තර්ස්ටන් විද්‍යාලය සහෝදරයන්ගේ සටන මෙලෙස ජය ගත්තේ අඛණ්ඩව දෙවන වරටයි.
කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිතපන විද්‍යාලය අතර 63 වැනි සහෝදරයන්ගේ සටන මහා ක්‍රිකට් පැවැත්වුණේ කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදීයි.
පළමු ඉනිම සඳහා ඉසිපතන විද්‍යාලය සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 159ක් පමණයි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ තර්ස්ටන් විද්‍යාලය පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 276ක් රැස් කළා.
ලකුණු 117ක් පසුපසින් සිටිමින් ඉනිමක පරාජයෙන් ගැලවීමට සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ඉසිපතන විද්‍යාලය එහිදී සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 109ක් පමණයි.
සුපිරි පන්දු යැවීමක නිරත වූ තනුග පලිහවඩන ලකුණු 44කට දවාගත් කඩුලු සංඛ්‍යාව 5ක්.
ඒ අනුව කොළඹ තර්ස්ටන් විද්‍යාලය ඉනිමකින් සහ ලකුණු 8කින් මෙවර සහෝදරයන්ගේ සටනේ ජය හිමිකර ගත්තා.
