වසර 15කට පසු අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවිලයේ ජනාධිපති කුසලානය දිනා ගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අද සමත්වුණා.
ඒ අවසන් මහා තරගයේදී කොළඹ රාජකීය විද්‍යාලය ලකුණු 58ට 26ක් ලෙස පරාජය කරමින්.
අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ජනාධිපති කුසලානය වෙනුවෙන් අවසන් තරගය පැවැත්වුණේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතරයි.
තරගය ආරම්භයේ සිට සිය අණසක පැතිර වූ ත්‍රිත්ව විද්‍යාලය පළමු අර්ධය නිමා වනවිට ලකුණු 27ට 12ක් ලෙස පෙරමුණ ගත්තා.
දෙවන අර්ධයේද සිය රිද්මය එලෙසින්ම පවත්වාගත් ත්‍රිත්ව විද්‍යාලය එම අර්ධයේදී තවත් ලකුණු 29ක් රැස් කළ අතර කොළඹ රාජකීය විද්‍යාලය එම අර්ධයේදී ලබා ගත්තේ ලකුණු 14ක් පමණයි.
ඒ අනුව මෙම තරගය ලකුණු 58ට 26ක් ලෙස අවසන් තරගය ජයගත් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය මෙවර අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ජනාධිපති කුසලානය දිනා ගත්තා.
