ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජික ක්‍රීඩා සංගම්වල සහභාගිත්වයෙන් ඊයේ පැවැති විශේෂ මහා සභා රැස්වීමේදීයි.
ජාතික ඔලිම්පික් කමිටුවේ පරිපාලන කටයුතු සම්බන්ධයෙන් මෑත කාලයේදී අර්බුදකාරී තත්වයක් නිර්මාණය වූ අතර ඒ අනුව නිලවරණ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට විශේෂ මහා සභා රැස්වීමක් ඊයේ ඔලිම්පික් නිවහනේදී පැවැත්වුණා.
මේ සඳහා ඔලිම්පික් නිවහන අවට විශේෂ ආරක්ෂාවක්ද යොදා තිබුණා.
ඊයේ පැවති විශේෂ මහා සභා රැස්වීමේදී ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීමට තීරණය කෙරුණා.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මෙවර ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරයට තරග කිරීමට සූදානමින් පසුවන බවද වාර්තා වනවා.
