ස්වීඩනයේ ආර්මන්ඩ් ඩුප්ලැන්ටිස් රිටි පැනීමේ ඉසව්වේ රිටි පැනීමේ ලෝක වාර්තාව නැවතත් අලුත් කිරීමට ඊයේ සමත්වුණා.
ඒ මොන්ඩෝ ක්ලැසික් ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේදීයි.
මොන්ඩෝ ක්ලැසික් ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේදී ලෝක ශූර ආර්මන්ඩ් ඩුප්ලැන්ටිස් රිටි පැනීමේ ඉසව්වේ නව ලෝක වාර්තාවක් පිහිටවූවා.
ඒ මීටර් 6.31 ක උසක් තරණය කරමින්.
ඩුප්ලැන්ටිස්, මෙහිදි මීටර් 5.65 කින් ආරම්භ කර මීටර් 5.90 සහ මීටර් 6.08 යන උස ප්‍රමාණයන් සාර්ථකව පසුකර අවසානයේ ඔහුගේ පෙර හොඳම දක්ෂතාවය අභිබවා යෑමට සමත්වුණා.
2020 වසරේදී ප්‍රථම වරට ලෝක වාර්තාව පිහිටුවීමෙන් පසු ඩුප්ලැන්ටිස් ලෝක වාර්තාවක් බිඳ දැමූ 15 වැනි අවස්ථාව මෙයයි.
මෙම තරගයේ දෙවන ස්ථානය දිනා ගත්තේ නෝර්වේ රාජ්‍යයේ සොන්ඩ්රේ ගුටෝම්සන් මීටර් 6.00 සීමාව පසු කරමින්.
ලෝක ඉතිහාසයේ රිටි පැනීමේ ඉසව්වෙන් මීටර් 6 සීමාව පසුකර ඇත්තේ ක්‍රීඩකයින් 25 දෙනෙකු වැනි සුළු පිරිසක් පමණක් වීම විශේෂත්වයක්.
