වත්මන් ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් ඇතුළු කාර්ය මණ්ඩලයේ නිල කාලය 2025 වසරෙන් අවසන් වුණා.
කෙසේවෙතත් පරිපාලනයේ ඇතිවු ගැටලු හේතුවෙන් නිලවරණය පැවැත්වීමට නිශ්චිත දිනයක් දැනුම් දී තිබුණේ නැහැ.
එවන් පසුබිමක වත්මන් පරිපාලනයට විරුද්ධ පාර්ශව රැසක් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට ලිපි මගින් පැමිණිලි කරතිබුණා.
ඒ අනුව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව සිය වාර්ෂික මහා සභා රැස්වීම සහ නිලවරණ 2026 අප්‍රේල් මාසය අවසන් වීමට පෙර පැවැත්විය යුතු බවට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා.
එහි වැඩිදුරටත් සඳහන් වන්නේ නිලවරණය පැවැත්වීමට පෙර කළින් දැනුම්දී තිබු පරිදි ජාතික ඔලිම්පික් කමිටුවේ වෝහාරික විගනණය අවසන් කර, විගනකාධිපතිවරයාගේ සම්පූර්ණ වාර්තාවද සමඟ ජාතික ඔලිම්පික් කමිටුව විසින් ඒ සම්බන්ධයෙන් ගනු ලැබු ක්‍රියාමාර්ගද ඉදිරිපත් කළ යුතු බවයි.
