පාකිස්තානය සමඟ පැවති තුන්වැනි සහ අවසන් 20යි 20 තරගය ලකුණු 14කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ අනුව තරග තුනකින් සමන්විත 20යි 20 තරගාවලිය තරග 1ට 1ක් ලෙස සමව අවසන් වුණා.
ඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ඇඳ හැලුණු වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකාව තීරණාත්මක වූ තුන්වැනි සහ අවසන් 20යි 20 තරගය ආරම්භයට පැය දෙකකට අධික කාලයක් ප්‍රමාද වුණා.
ඒ අනුව එක් ඉනිමක් පන්දුවාර 12කට සීමා වෙද්දී අවසන් තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට වෙනස්කම් දෙකක් සිදුකරමින් තරගයට පිවිසෙද්දී එෂාන් මාලිංග සහ මතීෂ පතිරණ අද තරගය සඳහා කැඳවා තිබුණා.
ඒ දුෂ්මන්ත චමීර සහ නුවන් තුෂාර වෙනුවටයි.
සුපුරුදු පරිදි ශ්‍රී ලංකා ඉනිම පැතුම් නිස්සංක සහ කමිල් මිෂාර ආරම්භ කළා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ලකුණු ලබා ගැනීමට පෙර දවා ගන්නට පාකිස්තාන පන්දු යවන්නන් සමත් වුණා.
කමිල් මිෂාර පන්දු 8කින් ලකුණු 20ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 22ක් ලබා ගත්තා.
සිව්වැනි කඩුල්ලට ලකුණු 32ක සබඳතාවක් එක්කළ කුසල් මෙන්ඩි සහ චරිත් අසලංක ශ්‍රී ලංකා ඉනිම සවිමත් කරන්නට සමත් වුණා.
එම සබඳතාව බිඳ වැටුණේ කුසල් මෙන්ඩිස් ලකුණු 30කට දැවී යාමත් සමඟයි.
චරිත් අසලංක ලකුණු 21යි.
ඉන් අනතුරුව නායක දසුන් ශානක සමඟ එක්වු ජනිත් ලියනගේ 5වැනි කඩුල්ලට පන්දු 22කින් ලකුණු 46ක සඉඳතාවක් ගොඩ නගමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 150සීමාව පසුකර යන්නට සමත්වුණා.
එහිදි කලකට පසුව නායකත්ව ඉනිමක් ක්‍රීඩාකළ දසුන් ශානක පන්දු 9කින් ලකුණු 34ක් ලබාගත්තේ දැවැන්ත හයේ පහර 5ක් සමගින්.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 160ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.
ලකුණු 161ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන පළමු කඩුල්ල ලකුණු 10දී දවාගන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුනත් දෙවැනි කඩුල්ලට ලකුණු 51ක සබඳතාවක් ගොඩ නගන්නට සල්මන් අගා සහ සයිම් අයුබ් සමත් වුණා.
පන්දු 12කින් ලකුණු 45ක් ලබා ගත් සල්මන් අගා විටෙක තරගයේ ජය තමන් දෙසට දෝලනය කරගත්තේ රැස්ව සිටි ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් මදකට නිහඩ කරමින්.
නමුත් මතිෂ පතිරණ සල්මන් අගාගේ කඩුල්ල දවා ගැනීමත් සමඟ පාකිස්තානයට තිබු ජය නැවත තමන් දෙසට හරවා ගන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.
කෙසේ වෙතත් කඩාවැටුණු පාකිස්තාන ඉනිම යලි ගොඩ ගත් කවාජා නෆේ සහ මොහොමඩ් නවාස් 5වැනි කඩුල්ලට ලකුණු 49ක සබඳතාවක් ගොඩනගමින් තරගයේ ජය දෙපිළටම දෝලනය කළා.
නමුත් කවාජා නෆේ ලකුණු 26කට සහ මොහොමඩ් නවාස් ලකුණු 28කට දවා ගත් වනිඳු හසරංග ශ්‍රී ලංකා ජය මාවත විවර කරන්නට සමත් වුණා.
කවාජා නෆේගේ කඩුල්ල දවාගැනීමත් සමඟ වනිදු වාර්තා අතරට එක්වුණේ 20යි 20 ජාත්‍යන්තර තරග තුළදි කඩුලු 150 සීමාව පසුකළ පළමු ශ්‍රී ලංකා පන්දු යවන්නා ලෙසයි.
ඒ අනුව පාකිස්තාන ඉනිම පන්දුවාර 12 අවසානයේ කඩුලු 8දැවී සටහන් වුණේ ලකුණු 148ක ලෙසයි.
සුපිර පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග කඩුලු 4ක් සහ මතීෂ පතිරණ කඩුලු 2ක් දවා ගත්තා.
තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා වුයේ වනිඳු හසරංගයි.
ඒ අනුව තරග තුනකින් සමන්විත 20යි 20 තරගාවලිය තරග 1ට 1ක් ලෙස දෙපිළම ජයග්‍රහණය කිරීම නිසා තරගාවලිය සමව අවසන් වුණා.
