LPL ක්‍රීඩක කෙටුම්පත් කිරීම මාර්තු 22

ජාත්‍යන්තර සන්නාමයක් හිමි ශ්‍රී ලංකාවේ ප්‍රමුතම දේශීය පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ හයවැන්න හෙවත් 2026 අදියරහි ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීම (Player Draft) ලබන මාර්තු මස 22 වැනිදා පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධි විධාන යොදා තිබේ.

අදාළ කෙටුම්පත් කිරීමේදී ශ්‍රී ලාංකික මෙන්ම විදේශීය ක්‍රීඩකයින් තෝරා ගැනීම සිදු කෙරේ. දේශීය දක්ෂතාට අමතරව, ලෝක ක්‍රිකට් වේදිකාවේ නාමය දිනාගත් විදේශීය ක්‍රීඩකයින් රැසක් ද මෙම කෙටුම්පත හරහා කණ්ඩායම් වෙත එක්වීමට අපේක්ෂා කෙරේ.

ලංකා ප්‍රිමියර් ලීග් 2026 හයවන සංස්කරණය 2026 ජූලි 8 දින ආරම්භ වී අගෝස්තු 8 දක්වා පැවැත්වීමට නියමිත වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *