ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංවිධානය කල 73 වන ශ්‍රි ලංකා ජාතික බැඩිමින්ටන් ශූරතා තරඟාවලිය අද ( 24/12/2025 ) ගල්කිස්ස සාන්ත තෝමස් ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී නිමාවට පත්වුණා.
මෙම තරගාවලිය ශාන්ත තෝමස් ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේදී දින 8 ක් පුරා පැවැත්වුණා.
මෙම තරඟාවලිය සඳහා අයදුම්පත් 1525 ක් ලැබි තිබුණා. ජාතික බැඩිමින්ටන් ශූරතා තරගාවලියක් සඳහා වැඩිම අයදුම්පත් සංඛ්‍යාවක් ලැබි තිබු තරඟාවලිය මෙය ලෙස වාර්තාවනවා. කණිෂ්ඨ අංශය / විවෘත අංශයේ හා ජේෂ්ඨ අංශයේ,ඒකල, යුගල,මිශ්‍ර යුගල හා +110 / +120 කාන්තා, පිරිමි වශයෙන් තරඟද මෙම තරඟාවලියේ දි පැවැත්වුණා.
විවෘත කාන්තා ඒකල අවසන් තරගය සඳහා රනිත්මා ලියනගේ සහ රෂ්මි භාග්‍යා මුදලිගේ තරග කළ අතර එහිදී වට දෙකට බිංදුවක් ලෙස රනිත්මා ලියනගේ ජයග්‍රහණය කරනු ලැබුවා. රනිත්මා නොකඩවා තුන්වන වතාවටද මෙවර ජාතික ශූරිය ලෙස ජයග්‍රහනය ලබාගත්තා.
විවෘත පිරිමි ඒකල අවසන් තරගය විරේන් නෙත්තසිංහ සහ රසිඳු හෙන්දහේවා අතර පැවැත්වුණා.
එහිදී දෙවන වරටත් විරේන් නෙත්තසිංහ ජාතිකශුරයා බවට පත්වුයේ රසිඳු හෙන්දහේවා වට දෙකට බංදුවක් ලෙස පරාජය කරමිනුයි. ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් හිටපු සභාපති රොහාන් ද සිල්වා මහතා සහභාගි වී සිටියා. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සභාපති රොෂාන් ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියා.
