‘අළු බඳුන’ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඓතිහාසික මෙල්බර්න් ක්‍රීඩාංගණයේ අද (26) ආරම්භ වූ සිව්වන තරගයේ පළමු දිනය සඳහා වාර්තාගත ප්‍රේක්ෂක පිරිසක් පැමිණි බව ක්‍රීඩාංගණ පාලනාධිකාරිය තහවුරු කර තිබේ.
ඒ අනුව බොක්සිං දින (නත්තලට පසු දිනය) ඇරඹී මෙම තරගයේ පළමු දිනය සඳහා ක්‍රීඩාලෝලීන් 94,199ක් පැමිණි බව සටහන් වී ඇත.
එය මෙල්බර්න් ක්‍රීඩාංගණ ඉතිහාසයේ තරගයක් නැරඹීමට පැමිණි වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්විය.
මීට පෙර එම ක්‍රීඩාංගණයේ ක්‍රිකට් තරගයක් නැරඹීමට වැඩිම ප්‍රේක්ෂක පිරිසක් පැමිණ ඇත්තේ ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර 2015 වසරේ පැවති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගය නැරඹීම සඳහාය.
එදින ක්‍රීඩාලෝලීන් 93,013ක පිරිසක් පැමිණ ඇත.
