ශ්‍රී ලංකා ක්‍රිකට ආයතන සංවිධානය කළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ දකුණ කණ්ඩායම සමත්වුණා.
ඒ අවසන් මහා තරගයේදී මහනුවර කණ්ඩායම පරාජය කරමින්.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ වයස අවුරුදු 15න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේ කොළඹ දකුණ කණ්ඩායම සහ මහනුවර කණ්ඩායමයි.
කොළඹ වෙළෙඳ සේවා ක්‍රීඩාංගණයේ පැවති අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ දකුණ කණ්ඩායම නියමිත පන්දුවා 50දී සියලු දෙනා දැවී ලකුණු 197ක් රැස් කර ගත්තා.
මියුර බණ්ඩාර ලකුණු 41ක් රැස් කළ අතර චෙනුක මිත්සර ලකුණු තිස් හතයි.
පන්දු යැවීම තිනුල්ක රාජපක්ෂ ලකුණු 40 ට කඩුලු තුනක් දවා ගත්තා.
ලකුණු 198ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය මහනුවර කණ්ඩායමට පන්දුවාර 41යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 117ක් පමණයි.
ෂසිත් බණ්ඩාර ලකුණු 41ක් රැස් කළ අතර පන්දු යැවීමේදී දෙනුවන් සතිෂ් ලකුණු 8 ට කඩුලු 2 ක් දවා ගත්තා.
අවසන් තරගයේ වීරයා ලෙස රනිඳු රණසිංහ සම්මාන දිනා ගත් අතර, තරගාලියේ හොඳම පිතිකරු ලෙස ගාල්ල කණ්ඩායමේ ගෙසඳු බිසස් සම්මාන දිනා ගත්තා.
තරගාවලියේ හොඳම පන්දු යවන්නා ලෙස සම්මාන දිනා ගත්තේ මහනුවර කණ්ඩායමේ සතිර දෙනුවන්.
මෙහිදී අනුශූරයන් වූ මහනුවර කණ්ඩායමට රුපියල් ලක්ෂ තුනක මුදලක් හා කුසලාන ක්‍රිකට් භාණ්ඩ පිරිනැණු අතර, ශූරතාවය දෙනා ගත් කොළඹ දකුණ කණ්ඩායමට රුපියල් ලක්‍ෂ පහක මුදල් ත්‍යාගයක් සමගින් කුසලානය පිරිනැමුණා.
