යූරෝ ෆෝමියුලා විවෘත තරගාවලියේ ආධුනිකයින්ගේ ශූරතාව දිනා ගනිමින් එම තරගාවලියේ දක්ෂතා ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා යොවුන් ෆෝමියුලා ධාවන ශූර යෙවාන් ඩේවිඩ් ඉකුත්දා ක්‍රීඩා අමාත්‍යවරයා හමුවුණා.
යෙවාන් ඩේවිඩ් ඉතිහාසගත වූයේ ලොව ඉහළම තලයේ මෝටර් රථ ධාවන තරඟ සඳහා සහභාගී වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙසයි.
2025 යූරෝ ෆෝමියුලා විවෘත තරගාවලියේ සමස්ත රියදුරු ශූරතාවේ දෙවැනි ස්ථානය දිනාගත් යෙවාන් ඩේවිඩ් ෆෝමියුලා ධාවන පථයක ශ්‍රී ලාංකිකයෙකු දැක් වූ ඉහළම දක්ෂතාව ප්‍රදර්ශනය කළා.
ඒ ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන දෙමින්.
මෙහි ආධුනිකයින්ගේ ශූරතාවද දිනා ගත් යොවන් ඩේවිඩ් ඉකුත්දා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා හමුවුණා.
යූරෝ ෆෝමියුලා විවෘත තරගාවලියේ තමන් දිනූ කුසලාන මෙරට ජනතාව වෙනුවෙන් කැප කරමින් යොවාන් ඩේවිඩ් එම කුසලාන ක්‍රීඩා අමාත්‍යවරයා වෙත භාර දුන්නා.
ක්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ, යොවන්ගේ විශිෂ්ට ජයග්‍රහණය රටට අතිමහත් ගෞරවයක් ගෙන දුන් බවයි.
එමෙන්ම තරුණ ක්‍රීඩකයන්ට රජයේ පූර්ණ සහයෝගය අඛණ්ඩව ලබා දෙන බවද ක්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.
යොවන් ඩේවිඩ් මේ වන විට 2026 Formula 3 තරගාවලියට පිවිසීම සඳහා සූදානමින් සිටින අතර ඒ අනුව ඔහු ලොව ඉහළම තලයේ මෝටර් රථ ධාවන තරඟ සඳහා සහභාගී වන ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාසගත වනු ඇති.
18 හැවිරිදි යෙවාන් ඩේවිඩ් 2026 තරග වාරය සඳහා Formula 3 තරග සඳහා AIX ධාවන කණ්ඩායම සමග ගිවිසුම් ගතව සිටිනවා.
