IPL වෙන්දේ­සි­යට අලු­තින් ශ්‍රී ලංකා­වෙන් ක්‍රීඩ­කයෝ 4ක්

ඉන්දීය ප්‍රිමි­යර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලියේ මීලග 19 වැනි තර­ග­වා­රය සඳහා ක්‍රීඩ­ක­යන් 350ක් වෙන්දේ­සි­යට සූදා­නම් කර ඇති අතර, මෙයට කලින් ලැයි­ස්තු­ගත නොකළ ක්‍රීඩ­ක­යන් 35 දෙනෙකු අත­රට කුසල් පෙරේරා, දුනිත් වෙල්ලා­ලගේ, බිනුර ප්‍රනාන්දු සහ ට්‍රෙවින් මැතිව්ස් ඇතු­ළත් කොට ඇත.

අලු­තින් අයි­පී­එල් වෙන්දේ­සි­යට එක්වූ කුසල් පෙරේරා ඉන්දීය රුපි­යල් කෝටි එක­කට (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 3.44ක්), දුනිත් වෙල්ලා­ලගේ හා බිනුර ප්‍රනාන්දු ඉන්දීය රුපි­යල් ලක්ෂ 75 බැගින් (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 2.58 බැගින්), ට්‍රෙවින් මැතිව්ස් ඉන්දීය රුපි­යල් ලක්ෂ 30කට (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 1.4ක්) වෙන්දේ­සියේ තබා ඇත.

මෙවර ඉන්දීය ප්‍රිමි­යර් ලීග් තර­ගා­ව­ලියේ වැඩිම මුද­ල­කට ලංසු තබා ඇති ශ්‍රී ලංකා ක්‍රීඩ­ක­යන් වන්නේ වනිඳු හස­රංග, මතීෂ පති­රණ හා මහීෂ් තීක්ෂණ වන අතර, ඔවුන් තිදෙ­නාගේ ආර­ම්භක වෙන්දේසි මුදල ඉන්දීය රුපි­යල් කෝටි 2ක බැගින් (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 7 බැගින්) වේ.

මෙයට අම­ත­රව චරිත් අස­ලංක ඉන්දීය රුපි­යල් කෝටි එක­කට (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 3.44ක්) හා දසුන් ශානක, පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, විජේ­කාන්ත් විය­ස්කාන්ත් ඉන්දීය රුපි­යල් ලක්ෂ 75 බැගින් (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 2.58 බැගින්) ආර­ම්භක වෙන්දේසි මුද­ලට තබා ඇත. මෙවර ඉන්දීය ප්‍රිමි­යර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලියේ වෙන්දේ­සිය මේ මස 16දා අබු­ඩා­බි­හිදී පැවැ­ත්වී­මට නිය­මිත අතර, ලියා­ප­දිංචි වූ ක්‍රීඩ­ක­යන් 1355ක‍ගෙන් ක්‍රීඩ­ක­යන් 1005ක් ම ඉවත් කර තිබේ.

අලු­තින් එකතු කරන ලද ක්‍රීඩ­ක­යන් 35 අතර වැඩිම අව­දා­න­යක් දිනා­ගත් ක්‍රීඩ­කයා වන්නේ දකුණු අප්‍රි­කානු කඩුලු රකින පිති­කරු ක්වින්ටන් ඩි කොක් වන අතර, ඔහු පසු­ගිය වසරේ කොල්කටා නයිට් රයි­ඩර්ස් සමඟ ඉන්දීය රුපි­යල් කෝටි 2කට (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 7කට) එක්වූ­වේය. එහෙත් ඔහු ක්‍රිකට් පිටි­යෙන් විශ්‍රාම ගිය බව පැව­සු­වද අයි­පී­එල් තරග බිමට පිවි­සීම පිළි­බඳ කතා­බ­හක් ඇතිව තිබේ.

මෙවර ඉන්දි­යානු ක්‍රීඩ­ක­යන් 240ක් සහ විදේ­ශීය ක්‍රීඩ­ක­යන් 110ක් ඇතු­ළත් වන අතර, ශ්‍රී ලංකා­වෙන් ක්‍රීඩ­ක­යන් 12ක් ඉදි­රි­පත් වෙද්දී, එංග­ල­න්තය (21), ඔස්ට්‍රේ­ලි­යාව (19), නව­සී­ල­න්තය (16), දකුණු අප්‍රි­කාව (15), ඇෆ්ග­නි­ස්තා­නය (10), බට­හිර ඉන්දීය කොදෙව් (9), බංග්ලා­දේ­ශය (7) හා අය­ර්ල­න්තය (1) වෙන්දේ­සිය නියෝ­ජ­නය කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *