සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී දෙසැම්බර් 15,16 සහ 17 යන දිනවලදී ඉන්දියාවේ සංචාරයක නිරතවීමට නියමිතයි.
එම සංචාරය නම් කර ඇත්තේ ගෝට් ටුවර් නමින්.
මෙම සංචාරයේදී මෙසී ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදී හමුවීමට නියමිත අතර ඉන්පසු කොල්කටා, හයිද්‍රාබාද්, මුම්බායි සහ දිල්ලිහී පැවැත්වෙන උත්සව සඳහා එක්වීමට නියමිතයි.
මෙම සංචාරයේදී මෙසී සහභාගි වන උත්සව අවස්ථා සඳහා ප්‍රේක්ෂකයින්ට ප්‍රෙව්ශපත්‍ර මිලදීගෙන සහභාගි වීමට හැකි බවයි සංවිධායකයින් පවසන්නේ.
එහි ප්‍රෙව්ශපත්‍රවල මිල ඩොලර් 53 සිට 325 දක්වා අලෙවි කිරීමට නියමිතයි.
මෙසී අවසන්වරට ඉන්දියාවේ සංචාරයක නිරතවී ඇත්තේ 2011 වසෙර්දීයි.
