ප්‍රමෝද්‍යලා ක්‍රිකට් විනාශ කළාද ?

ප්‍රමෝද්‍ය ඇතුළු තේරීම් කමිටුව 2021 අලුත් ජවයක් සහිත තරුණ කණ්ඩායමක් හදාගෙන දසුන්ව නායකයා කරගෙන ගමනක් පටන්ගත්තා. අපි මැච් , සීරීස් දිනන්න ගත්තා. නිකං නෙමේ , ඕස්ට්‍රේලියා , දකුණු අප්‍රිකා ටීම් පවා පරාජය කරමින්.

ඊට පස්සෙ දසුන්ගෙ බැටිං පර්ෆෝමන්ස් ෆේල් වෙන්න ගත්තා.

බුකියෙ ඔස්තාර්ලා දසුන්ව කැප්ටන්සියෙන් අයින්කරන්න කියලා කෑගැහුවා. ඉතිං දසුන් අයින් කළා. කුසල්ව කැප්ටන් කරන්න කිව්වා. කුසල්ව කැප්ටන් කළා.

සීනියර්ලා දාන්න ඕන නිව්වා. දිමුත්ව ගෙනාවා. මැතිව්ස් ඉන්න ඕන කිව්වා. මැතිව්ස් ව ගෙනාවා. ඒත් ලංකාව ඇෆ්ගනිස්තානයටත් පරාදයි. සෙමිවලින් එළියේ.

දැන් බුකියෙ ඔස්තාර්ලා මොනාද කරන්න කියන්නෙ ?

ප්‍රමෝද්‍යලට කරන් ආපු වැඩපිළිවෙළ කරන් යන්න දුන්නනං 2024 T20 කප් එක හරි , 2026 කප් එක හරි දිනන්න තිබ්බා.

මේකට ක්‍රීඩාව නොදන්න ජපන් ස්පෙයාපාට්ස් ඇමතිවරුත් වගකියන්න ඕන.

දිනනදාට අපේ කොල්ලෝ කියන ඇතැමුන් තරගයක් පරාජය වෙනකොට ක්‍රීඩකයින් සහ තේරීම් කමිටුව පතුරු ගසන පිරිස් සැබෑම ක්‍රිකට් ලෝලීන්ද ?

ප්‍රමෝද්‍ය ඇතුලු තේරීම් කමිටුව ක්‍රීඩකයින්ගේ ශාරිරික යෝග්‍යතාව හොද තත්වයක පවත්වා ගැනීම වෙනුවෙන් ආරම්භ කළ කිලෝමීටර දෙකේ ධාවන අභියෝගය නතර කළේ කවුද ?

සමහර හිටපු ක්‍රීඩකයින් එවැනි දෙයක් කුමකටද ක්‍රීඩකයින් ඔලිම්පික් යවන්න දැයි කියා ප්‍රකාශ කළ අවස්ථාද තිබේ.

ආසියානු කුසලානය ජයග්‍රහණය කළේ, වසර තිස් ගණනකට පසු ශ්‍රී ලංකාවේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කළේ ප්‍රමෝද්‍යලාගේ කාලේ නොවේද ?

වත්මන් තේරීම් කමිටුව ඔවුන්ගේ සැලසුම්වලට කටයුතු කරන්නට ඉඩ නොදී ඒ වෙනුවට අකුල් හෙලමින් තවත් පිරිසක් එම තනතුරුවලට පැමිණිමට වෙර දැරීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිහානියට පත්වෙමින් තිබේ.

රූපවාහිනි මැදිරිවලට ගොස් වත්මන් කණ්ඩායම ගැන විවේචන සිදු කරන ඇතැම් හිටපු ක්‍රීඩකයින් ඔවුන් තේරිම් කමිටුවේ සිටින කාලයේදී සිම්බාබ්වේ වැනි කණ්ඩායම්වලින්ද පරාජයට පත්ව තිබේ. ඒ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් රැසක් සිටින සමයකදීයි.

එම නිසා වත්මන් ක්‍රීඩකයින් හෑල්ලුවට ලක් කරන කණ්ඩායම් උඩ බලං කෙල ගැසීම නුවණට හුරු කරුණක් නොවේ.

ෆේස්බුක් සටහනකින් උපුටා ගැනීමක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *